Puttalam Road, Kurunegala, Sri Lanka
0372228400
Puththalam Road, Kurunegala, Sri Lanka
0372228400

ව්‍යාපාරික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ පළමු අදියර නුවරින්…

ව්‍යාපාරික සබඳතා වඩාත් ශක්තිමත් කිරීමේ පළමු අදියර නුවරින්…

ඇතුගලින් ඇරඹි අපගේ ගමන, අද වන විට දිවයින පුරා ශාඛා 10ක් දක්වා ව්‍යාප්ත වූ ශක්තිමත් මූල්‍ය ජාලයක් බවට පත්ව හමාරයි. 

අපගේ මේ දැවැන්ත ව්‍යාපාරික වර්ධනයේ අතිශය වැදගත් සහ විශ්වාසදායක පාර්ශවකරුවන් වන මහනුවර ප්‍රදේශයේ යතුරුපැදි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සුහද හමුව පසුගියදා මහනුවරදී සාර්ථකව පැවැත්විණි. 

මෙම විශේෂ අවස්ථාව සඳහා ඇතුගල ක්‍රෙඩිට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා (CEO), ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමා (COO), අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, අලෙවි හා විකුණුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා, අවදානම් සහ අනුකූලතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එක්විය.

එමෙන්ම, මහනුවර ශාඛා කළමනාකරු රංගන විජේරත්න මහතා ඇතුළු මහනුවර ශාඛාවේ සියලුම අලෙවි නිලධාරී මණ්ඩලයද මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා එක්ව සිටියහ. 

ඉදිරියටත් නොසැලෙන විශ්වාසයෙන් හා ශක්තිමත් බැඳීමෙන් එක්ව පෙරටම යමු!

Related Posts
Leave a Reply
Award