Easy Financial Solutions for All Your Needs
The Financial Partner for Sri Lanka’s MSME Sector
How we are different
Design better and spend less time without restricting creative freedom. Combine layouts, customize everything.
Expert Team
Personalized Approach
Comprehensive Services
Continuous Support



+0M
Investments
+0
Daily new customers
+0
Finance facility
+0
Dedicated team
A Customer's Journey with Athugala Credits
මගේ මහත්තයා කරන්නේ රියදුරු රැකියාවක්. ඒකෙන් තමයි අපි ජීවත්වෙන්නේ. මටත් අවශ්‍ය වුණා එයාට සහයක් වෙන්න කියක් හරි උපයා ගන්න. ඒ ගැන හිත හිත ඉන්නකොට තමා ඇතුගල ක්‍රෙඩිට් ආයතනය මට හම්බඋනේ, ඒ ණය මුදල තමයි මගේ ව්‍යාපාරයට සහයක් වුනේ. මම දඹුල්ල පාර අයිනේ කූල් දොඩං විකුනන්න පටන්ගත්තා. ඒත් එක්කම එතන තැඹිලි විකුණන්නත් පටන් ගත්තා. බුලත් විට වගේ දේවලුත් විකුණන්න පටන් ගත්තා. මට දැන් ලෝන් එකේ වාරික ගෙවනවාට අමතරව ගෙදර එදිනෙදා වියදම් සහ දරුවන්ගේ අධ්‍යාපන වියදම් වලටත් මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. කවුරුවත් අපට ණය දුන්නේ නැතිවුනාට අපි කටිට්ය එකතුවෙලා ඇතුගල ක්‍රෙඩිට් ආයතනයෙන් අවශ්‍ය ණයක් අපි ගත්තා. ඒකෙන් අපේ අවශ්‍යතා ටික ටික සම්පූර්ණ කර ගන්න අපට පුළුවන් වුණා. ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒ සඳහා මාර්ගය සකස් කර දුන් ඇතුගල ක්‍රෙඩිට් ආයතනයටත් අපි ස්තූතිවන්ත වෙනවා
එස්.ඩී.එම්. ජයතිලක
මහත්තයාගෙන් පස්සේ මට හයියක් වුණේ මගේ අතපය විතරයි. මගේ පොඩි දරුවොත් එක්ක එදිනෙදා කුලී වැඩක් කරගෙන ජීවත් වෙන එක මට හරි අමාරු උනා. එයාලා පාසල් දාන්න ගන්න යන එක අතරේ මං සල්ලි හොයාගන්න එක එක රස්සා සෙවිවා. ප්‍රශ්න ගොඩක මං හිරවෙලා හිටියේ පස්සේ තමයි මං හිතුවේ මට පුළුවන් විදියට පුංචි වෙළඳාමක් මේ පාර අයිනේ පටන් ගන්න ඕනේ කියල. ඒ නිසා මම බඩඉරිගු තම්බන්න පටන් ගත්තේ. මට ඒක කරගෙන යන්න ඇතුගල ක්‍රෙඩිට් ආයතනය ගොඩක් හයියක් වුනා. මට අවශ්‍ය බඩඉරිඟු ටික ගන්න, තැඹිලි ටික ගන්න, ටොපි ටික ගන්න අනෙකුත් පොඩි පොඩි විකුනන බඩු ටික ගන්න එකෙන් ගත්තු ලෝන් එකෙන් මට පුළුවන් වුණා. මම දැන් ලෝන් දෙකක් අරන් තියෙනවා. මම ගමේ කාන්තාවන් පහළොස් දෙනෙක් අපේ මෙම ආයතනයට සම්බන්ධ කරලා දීලා තියෙනවා. කිට්ටුව තියෙන තවත් ගමක සහෝදරියන් පිරිසකටත් මම ආයතනය හඳුන්වලා දුන්නා. එයාලා කරන රැකියා වලටත් මේකෙන් ලොකු ශක්තියක් ලැබෙයි කියලා මම හිතනවා. ඇතුගල ක්‍රෙඩිට් කියන්නේ ගමේ අපට හොඳ මූල්‍ය සවියක්දෙන ආයතනයක්.
කේ.එම්.එස්.එස්. පුශ්පලතා
මම රෙදි මහන්න පටන් ගත්තේ එක මැෂිමක් ගෙනල්ලා. මගේ නිවසේ සාලෙ එක කොටසක තියාගෙන ඉස්සරලම මැහුවේ කුලී ඇදුම්. අද මම වෙනම කඩ කාමරයක් හදලා එතන රෙදි මහන්න පටන් අරන් තියෙනවා. මැෂින් දෙකක් දාගෙන දෙන්නෙක් මං ගාව වැඩ කරනවා. මගේ ව්‍යාපාරය මේ තත්ත්වයට ගෙන එන්න ඇතුගල ක්‍රෙඩිට් ආයතනය ගොඩක් උදවි වුනා. ඒකෙන් ගත්තු ණය මුදල් වලින් තමයි මගේ ව්‍යාපාරයට අවශ්‍ය ගොඩක් රෙදිපිලි තොග ලබා ගත්තේ. ඉක්මනින් ගන්න පුලුවන්කමත් කෙටි කාලයකින් ගෙවන්න පුළුවන්කමත් නිසා අපට මේක ගොඩක් පහසුයි. පොඩි පොලියක් තමා ගෙවන්න වෙන්නේ. වැඩෙන් වැඩේට ලෝන් අරන් ඉක්මනින් ගෙවා ගන්න අපට පුළුවන් ඒ නිසා අපිත් දිගටම ඇතුගලත් එක්ක ඉන්නවා.
ජී. පුශ්පලතා
මගේ මහත්තයා පෞද්ගලික ආයතනයක රියැදුරු රැකියාවක් කළේ. මමත් ගෙදර ඉඳලා රෙදි මැසීම, බැග්, නෙට් මැසීම සහ විවිධ අත්කම් නිර්මාණය කිරීම කලා, එකෙන් අමතර ආදායමක් මං උපයා ගත්තා. කොරෝනා වලින් පස්සේ නවත්තලා දාපු ව්‍යාපාරය නැවත පටන් අරන් මේ විදිහට ක්‍රියාත්මක කරගන්න මට පුළුවන් වුණේ ඇතුගල ක්‍රෙඩිට් එකෙන් ගත්තු ණය මුදල නිසයි. ඒකෙන් තමා මං මේ කඩ කාමරයේ වැඩ පටන් ගත්තේ. මේ වෙනකොට ලෝන් දෙකක් අරන් තියෙනවා. ඒකෙන් මම ව්‍යාපාරය ටිකෙන් ටික පුළුල් කරගන්න ඕන වැඩ ටික කරගත්තා. ඉස්සරහට ණයක් අරන් තව මැෂින් ටිකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මාත් එක්ක ණයගත්තු තව කීපදෙනෙක්ම මෙහේ ඉන්නවා. ඒගොල්ලොත් පුංචි පුංචි ස්වයං රැකියාවල යෙදිල ඉන්නවා.
ආර්.එ.එම්.එන්.අබේකෝන්
රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට මනාලියන් ඇන්දවීම මම දිගටම කරගෙන ආවා. නමුත් කොරෝනා කාලය තුළ මගේ ව්‍යාපාරය සහමුලින්ම කඩා වැටුණා. නැවත මම බොහොම අමාරුවෙන් තමයි ගොඩනගා ගත්තේ. මට අවශ්‍ය වුණා රිදීගම නගරයේ මගේ ආයතනය ආරම්භ කරන්න. ඒ සදහා අවශ්‍ය වන මුදල් ඇතුගල ක්‍රෙඩිට් ආයතනයෙන් ලබාගත් ණය මුදලකින් මම සම්පූර්ණ කර ගත්තා. දැන් මං මගේ ව්‍යාපාරය නිසි පරිදි පවත්වාගෙන යනවා. මගේ පාරිභෝගිකයනුත් බොහෝ පිරිසක් මගේ සේවාව ලබා ගැනීමට මෙම ස්ථානයට පැමිණෙනවා. කොරෝනා වලින් පස්සේ කඩා වැටුන ව්‍යාපාරය ගොඩනගාගන්න අපට ශක්තියක් වුණේ ඇතුගල ක්‍රෙඩිට් ආයතනය තමයි. අපි බලාපොරොත්තු වෙනවා ඇතුගල ක්‍රෙඩිට් ආයතනයත් එක්ක එකතු වෙලා අපේ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරලා දියුණු කරලා ගොඩනගාගන්න.
එස්.වී.ආර්. ඩී. කුමාරි
අපි එදා ඉදලම පොඩි පොඩි කෑම හදල කඩවල් වලට දැම්මා. මේක තමා අපි ව්‍යාපාරයක් විදියට දිගටම කරගෙන ආවේ. මෙම ව්‍යාපාරය ටිකක් ලොකුවට කරන්න අපට බලාපොරොත්තුවක් තිබුණා. ඒකට උදව්වක් වුණේ ඇතුගල ක්‍රෙඩිට් ආයතනයෙන් ලැබුන ණය මුදලයි. ඒ මුදල යොදා ගැන අපට අවශ්‍ය බඩු වැඩි ප්‍රමාණයක් අපි ස්ටොක් කර ගත්තා. ඉස්සරහ කඩේ දැම්මා. ගෙදර හැමෝම එකතු වෙලා තමා මෙම ව්‍යාපාරය කරන්නේ. ඊළඟ ලෝන් එක අපි එකට ගන්න බලාපොරොත්තු වෙනවා.
එම්.වයි. එෆ්. ජිෆ් රි
ස්වයං රැකියාවක් කරන්න ආසාවෙන් සිටිය නමුත් මොකද්ද කරන්නේ කොහොමද කරන්නේ මොකක්ද පටන් ගන්නේ කියලා අදහසක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ තමයි ඇතුගල ක්‍රෙඩිට් එක හමුවුණේ. ලෝන් එකක් අරන් එකෙන් අවශ්‍ය බඩු ටික ගත්තා. කුරුණෑගල රෝහල ඉදිරිපීටත් මගේ කොළ කැඳ ව්‍යාපාරය මම පවත්වාගෙන යනවා. මෙම ව්‍යාපාරය සඳහා මට දැන් දරුවන්ගේ ස්වාමිපුරුෂයාගේ සහයෝගයත් උපරිමයෙන් ලැබෙනවා. ඖෂධීය පානයක් ලෙස මෙම කොළ කැඳ ව්‍යාපාරය තුළින් මට ආදායමක් ලැබෙනවා සේම රටටත් ජනතාවටත් සේවයක් සපයනවා කියලා තමයි මම හිතන්නේ.
එම්.ජී. අයි. ප්‍රියදර්ශණි
කොරෝනා නිසා අපේ ආර්ථිකය හොඳටම පහළ වැටිලා තිබුණේ. මොකද කියනවනම් කරපු රස්සාවල් නැතිවුණ නිසා ණය ගෙවාගන්නෙ නැතිව ණය වලින් හිරවෙලා හිටියේ. අපට ගොඩ එන්න කොහෙන්වත් ණයක් ගන්න බැරුව බොහොම අමාරුවෙන් ජීවත්වුනේ, මෙහෙම වෙලාවක තමයි අපට ඇතුල ක්‍රෙඩිට් එකෙන් ලෝන් එකක් ගන්න හම්බවුනේ. ඒ ලෝන් එක අරං ඉබ්බාගමුව සෙන්ට්‍රල් එක ගාව පුංචි තේ කඩයක් පටන් ගත්තා. කෙටි කෑම වර්ග, ආප්ප, ඉදි ආප්ප, තේ ඇතුළු හැම වර්ගයකම කෑම දෙන්න පටන් ගත්තා. මම හිතන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න අපට ලොකු මුදලක් ගන්නවාට වඩා අවශ්‍ය පොඩි මුදලක් අරන් පියවරෙන් පියවර ආයෝජනය කළොත් වැටෙන්නෙ නැතුව ඉස්සරහට බය නැතුව යන්න පුළුවන් කියලා. මම, මහත්තයා, පුතා, දුව් අපි ඔක්කොම එකතුවෙලා මේ ව්‍යාපාරය උපරිමෙන් දියුණු කරගන්න මහන්සි වෙනවා.
එස්.වයි.පී. කමනි නිශාන්ති
Featured Topics. Articles. Tutorials.
Exclusively for you!
Each week our editors add new content to our news, you can find useful topics.