ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව, අපගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීමේ සංකල්පය වඩාත් අර්ථවත්ව ක්‍රියාවට නංවමින්, ඇතුගල ක්‍රෙඩිට් ක්ෂුද්‍ර මූල්‍ය ණය අංශයේ මධ්‍යස්ථාන නායිකාවන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ ආයතනික සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා සංවිධානය කළ “විශේෂ පුහුණු සැසිවාරය හා සුහද හමුව” පසුගියදා අතිසාර්ථක අන්දමින් පැවැත්විණි.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ඇතුගල ක්‍රෙඩිට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා (CEO), ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමා (COO), අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, අලෙවි හා විකුණුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා, මෙහෙයුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා, අවදානම් සහ අනුකූලතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එක්විය.
මීට අමතරව, ප්‍රදේශීය කළමනාකරු ඉන්දික ගුණරත්න මහතා, මැල්සිරිපුර ශාඛා කළමනාකරු අනුරුද්ධ විජේලත් මහතා, ක්ෂුද්‍ර මූල්‍ය ණය අංශයේ කළමනාකරු තුසිත ජයසුන්දර මහතා ඇතුළු එම අංශයේ සියලුම අලෙවි නිලධාරිනියන් ද මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා එක්ව සිටියහ.
අපගේ මධ්‍යස්ථාන නායිකාවන්ගේ අනාගත සාර්ථකත්වයට සහ ග්‍රාමීය ව්‍යවසායකත්වය නංවාලීමට අවශ්‍ය නිසි මඟපෙන්වීම හා දිරිගැන්වීම මෙහිදී හිමිවිය.
අප කෙරෙහි තැබූ නොසැලෙන විශ්වාසයට ස්තූතියි! එක්ව අනාගතය ජයගනිමු!



