වයඹ අභිමානය ලෙස ඇතුගලින් ඇරඹි අපගේ ගමන, අද වන විට දිවයින පුරා ශාඛා 10ක් දක්වා ව්‍යාප්ත වූ ශක්තිමත් මූල්‍ය ජාලයක් බවට පත්ව හමාරයි.
අපගේ මේ දැවැන්ත ව්‍යාපාරික වර්ධනයේ අතිශය වැදගත් සහ විශ්වාසදායක පාර්ශවකරුවන් වන අනුරාධපුර සහ කහටගස්දිගිලිය ප්‍රදේශ වල යතුරුපැදි අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සුහද හමුව පසුගියදා අනුරාධපුරදී සාර්ථකව පැවැත්විණි.
මෙම විශේෂ අවස්ථාව සඳහා ඇතුගල ක්‍රෙඩිට් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂතුමා, ප්‍රධාන විධායක නිලධාරීතුමා (CEO), ප්‍රධාන මෙහෙයුම් නිලධාරීතුමා (COO) සහ අලෙවි හා විකුණුම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එක්විය.
මීට අමතරව, ප්‍රදේශීය කළමනාකරු ඉන්දික ගුණරත්න මහතා, අනුරාධපුර ශාඛා කළමනාකරු ජනක රත්නායක මහතා, කහටගස්දිගිලිය ශාඛා කළමනාකාරු ප්‍රසාද් විමලසේන මහතා ඇතුළු අනුරාධපුර සහ කහටගස්දිගිලිය ශාඛාවන්හි සියලුම අලෙවි නිලධාරී මණ්ඩලයද මෙම අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා එක්ව සිටියහ.
ඉදිරියටත් නොසැලෙන විශ්වාසයෙන් හා ශක්තිමත් බැඳීමෙන් එක්ව පෙරටම යමු!



